භාවිතයට අදාළ උපදෙස්

“වාසනාPro” App එකට ඔබගේ තොරතුරු ලබා දෙන්නේ කෙසේද?

Wasanawa.com වෙබ් අඩවිය හරහා පළමු වතාවට ලියාපදිංචි වන විට ඔබගේ නම, උපන් දිනය විමසන අතර එම තොරතුරු ලබා දුන් පසු ඒවා අපගේ දත්ත සමුදාය තුල තැන්පත් කර ගනු ලබයි. ඉන් පසු එම තොරතුරු පදනම් කර ගෙන දිනපතා “වාසනාPro” ඇල්ගොරිතමය මගින් සැකසුම් කටයුතු සිදු කර ඔබට අදාළ වාසනා ප්‍රතිශතය හා දවසේ වාසනාව ගෙනෙන ජය අංක, SMS පණිවිඩයක් ලෙසට ඔබගේ දුරකථන අංකය වෙත යොමු කරනු ලබයි.

“වාසනාPro” App එකට මේ වන විට ඔබ ලබා දී ඇති තොරතුරු වෙනස් කරන්නේ කෙසේද?

Wasanawa.com වෙත පිවිස අලුතින් ලියාපදිංචි වීම සඳහා තිබෙන ෆෝරමයේ ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න. එවිට දැනටමත් ඔබ “වාසනාPro” සමඟ ලියාපදිංචිව සිටී නම් ඒ බව තිරයේ සඳහන් වී දැනට ඔබ ලබා දී ඇති තොරතුරුද පෙන්වන අතර එහිදී ඔබට අවශ්‍ය නම් දැනට තිබෙන තොරතුරු වෙනස් කර අලුත් තොරතුරු ලබා දිය හැකිය.

“වාසනාPro” App එක වෙනුවෙන් යම් ගාස්තුවක් අය කරනවාද?

ඔව්. මොබිටෙල් පෙර ගෙවුම් වලින් දිනකට රුපියල් 3+ බදු ද, මොබිටෙල් පසු ගෙවීම් වලින් මසකට රුපියල් 90+ බදු අය වේ. අනෙකුත් දුරකථන ජාල වලින් දිනකට රුපියල් 8+ බදු අය කරන අතර ඔබ ලියාපදිංචි වූ දුරකථන අංකයට අදාළ ගිණුමෙන් ස්වයංක්‍රියව මෙම මුදල අය කර ගනු ලැබේ. යම් ලෙසකින් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන ගිණුමේ, දෛනික ලියාපදිංචි ගාස්තුව අය කර ගැනීමට ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම් ඔබගේ ලියාපදිංචිය ස්වයංක්‍රීයවම අක්‍රිය වේ.අදාළ දෛනික ලියාපදිංචි ගාස්තුව අය වූ පසු ස්වයංක්‍රීයවම ලියාපදිංචිය සක්‍රීය වී නැවත “වාසනාPro” යෙදවුම පරිශීලනය කිරීමේ හැකියාව ඔබට හිමි වේ.

ලියාපදිංචිය අහෝසි කර ගන්නේ කෙසේද?

ඔබ කැමති ඕනෑම වේලාවක “වාසනාPro” සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය. ඔබ ඩයලොග්, එයාර්ටෙල් හෝ හච් (072/078) පරිභෝගිකයෙකු නම්, සේවාවෙන් ඉවත්වීම සඳහා UNREG හිස්තැනක් wpro ලෙසට ටයිප් කර 77112 ට කෙටි පණිවුඩයක් යවන්න. ඔබ මොබිටෙල් පරිභෝගිකයෙකු නම් සේවාවෙන් ඉවත්වීම සඳහා DREG හිස්තැනක් ws ලෙසට ටයිප් කර 77013 ට කෙටි පණිවුඩයක් යවන්න.

“වාසනාPro” මගින් දිනපතා එවන ජය අංක සඳහන් SMS පණිවුඩය සමහර දිනවල නොලැබෙන්නේ ඇයි?

කිසියම් දිනකට අදාලව අය විය යුතු දෛනික ගාස්තුව අය වී නොමැති නම් එදිනට අදාළ “වාසනාPro” කෙටි පණිවුඩය අදාළ පාරිභෝගිකයා වෙත යොමු කිරීම සිදු නොවේ. අදාළ දෛනික ලියාපදිංචි ගාස්තුව යම් මොහොතක අය වූ පසු, ඊට පසුදින සිට නැවත දවසේ “වාසනාPro” කෙටි පණිවුඩය අදාළ දුරකතන අංකය වෙත යොමු කෙරෙනු ඇත. නිතරම ප්‍රමාණවත් ශේෂයක් ඔබගේ දුරකථන ගිණුමේ පවත්වා ගෙන යාමෙන් මේ තත්ත්වය වලක්වා ගත හැකිය.

↑