නියමයන් හා කොන්දේසි

භාවිතයට සුදුසුකම (Eligibility):

“වාසනාPro” යෙදවුම භාවිතා කිරීම සඳහා ඔබ අවුරුදු 18 ට වඩා වැඩි විය යුතුය. ඔබ එම වයස් සීමාවට වඩා අඩු නම්, ඔබ “වාසනාPro” යෙදවුමේ සේවාවන් ලබා ගත යුත්තේ අපගේ භාවිතා කිරීමේ නියමයන්ට හා කොන්දේසි වලට එකඟ වූ ඔබගේ දෙමව්පියන්ගේ හෝ නීත්‍යානුකුල භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ විය යුතුය.

“වාසනාPro” හා දුරකථන සමාගම් අතර සම්බන්දතාවය:

“වාසනාPro” යෙදවුමේ සේවාවන් සක්‍රිය කර ගැනීම, සේවා ගාස්තු අය කර ගැනීම හා දිනපතා කෙටි පණිවුඩ ඔවුන් වෙත යැවීම සදහා ඩයලොග්, හච් (078/072) හා එයාර්ටෙල් සමාගම්, තුන්වන පාර්ශ්වීය සේවා සපයන්නන් හා ගාස්තු අය කරන්නන් ලෙස පමණක් කටයුතු කරන අතර “වාසනාPro” යෙදවුමේ අන්තර්ගතයන් හා “වාසනාPro” යෙදවුම භාවිතාව නිසා ඇති විය හැකි කිසිදු ආකාරයක ගැටළුවක් සම්බන්ධව ඩයලොග්, හච් (078/072) හා එයාර්ටෙල් සමාගම් කිසිදු ආකාරයක නෛතික වගකීමක් නොදරන්නේය.

“වාසනාPro” වගකීමේ ස්වභාවය:

ලොතරැයි ජය යනු කලින් අනුමාන කිරීමට නොහැකි, ඔබේ වාසනාව හා සම්භාවිතාව මත පදනම් වූ 100% ක්ම අහඹු ක්‍රියාවලියකි. “වාසනාPro” භාවිතය නිසා සිදු වන්නාවූ කිසිදු ජයග්‍රහණයක් හෝ පාඩුවක් සඳහා අපගේ වගකීමක් නැති බව කරුණාවෙන් සලකන්න. ඔබගේ උත්පත්ති දත්ත පදනම් කර ගෙන අදාළ දිනයේ ඔබගේ වාසනාව ක්‍රියාත්මක වන ප්‍රතිශතය හා ඔබට වාසනාව ගෙනෙන ජය අංක ප්‍රකාශ කිරීම සඳහා සකසා ඇති “වාසනාPro” App එක ඔබගේ ස්වයං කැමැත්ත මත පමණක් භාවිතා කල යුතුය.

“වාසනාPro” නිෂ්පාදන කණ්ඩායම කිසිදු අවස්ථාවක ලොතරැයි මිලදී ගැනීම ප්‍රවර්ධනය කිරීම නොකරන අතර කිසිදු ලොතරැයි අලෙවි ආයතනයක් සමග ඍජු හෝ ඍජු නොවන ආකාරයේ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු නොලබයි.