පෞද්ගලික ප්‍රතිපත්තිය

ඔබගේ පෞද්ගලික තොරතුරු:

ඔබ විසින් “වාසනාPro” යෙදවුමට ඇතුලත් කරන ඔබගේ නම, උපන් දිනය, අපගේ Cloud අවකාශය තුල දිගුකාලීනව ගබඩා කර තබා ගන්නා බව කරුණාවෙන් සලකන්න. එම තොරතුරු ගබඩා කර තබා ගැනීම හා සියලු සැකසුම් කටයුතු කිරීම සඳහා තෙවන පාර්ශවීය Cloud සේවා සපයන්නන්ගේ සේවාව අප විසින් යොදා ගනු ලබයි. ඇමෙරිකානු සමාගමක් වන Amazon වෙබ් සේවා ජාලය අපගේ තෙවන පාර්ශවීය Cloud සේවා සපයන්නා ලෙස ක්‍රියා කරයි.

ඔබ විසින් “වාසනාPro” සඳහා වූ ලියාපදිංචිය අහෝසි කර මාස 6 කට නොඅඩු කාලයකදී ඔබගේ පෞද්ගලික තොරතුරු අපගේ Cloud අවකාශය තුලින් මකා දමනු ලැබේ.

ඔබගේ දුරකථන අංකය:

“වාසනාPro” යෙදවුමේ සේවාවන් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමක් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දීම අවශ්‍ය වේ. ලියාපදිංචිය සඳහා ඔබ ලබා දෙන ඔබගේ ජංගම දුරකථන අංකය, යෙදවුමේ ලියාපදිංචිය තහවුරු කිරීමට හා “වාසනාPro” දෛනික SMS පණිවුඩය යැවීම සඳහා යොදා ගන්නා අතර ඒවා වෙනත් බාහිර පාර්ශවයන්ට ලබා දීම කිසිදු විටෙක සිදු නොවේ.

ඊට අමතරව අවශ්‍ය වුවහොත්, නිත්‍යානුකුල ක්‍රමවේදයන් ඔස්සේ “වාසනාPro” යෙදවුම ප්‍රවර්ධනය කිරීමේ කටයුත්තේදී ඔබගේ දුරකථන අංකය භාවිතා කරනු ඇත.

නිත්‍යානුකුල බැඳීම:

“වාසනාPro” යෙදවුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හා අනෙකුත් ජාත්‍යන්තර නීති රීතීන්ට යටත්ව ක්‍රියාත්මක වන අතර නීත්‍යානුකුල අවශ්‍යතා ඉටු කිරීම සඳහා නීත්‍යානුකුල ආකාරයෙන් සිදු කරනු ලබන විමර්ශනයන්හිදී අදාළ නීත්‍යානුකුල ආයතන වෙත ඔබගේ තොරතුරු ලබා දීමට අප බැඳී සිටි.